ශනිගේ ගෝචරය

ජ්‍යොතිෂ ලිපි

Posted by admin on 2024-11-13 17:17:08 |

Share: Facebook | Twitter | Whatsapp | Linkedin Visits: 35


ශනිගේ ගෝචරය

පසුගිය කාලයේ විවිධ මාධ්‍යය වලින් වැඩිපුරම අසන්න ලැබුනේ " සෙනසුරු මාරුව " ගැනය. මෙම සෙනසුරු මාරුව ගැන විවිධ අදහස් පල විය.
බොහෝ දෙනා මෙම " සෙනසුරු මාරුව " ගැන කතා කළේ කේන්ද්‍රයක ඇති එකම ග‍්‍රහයා ශනි පමණක් යැයි සිතා මෙනි. අනෙක් සියලුම ග‍්‍රහයින් අමතක කොට තිබුණි. ඇත්තටම සෙනසුරු ග‍්‍රහයාට විශේෂ ස්ථානයක් හිමි වන බව සැබෑය. එභෙත් එලාපල හා ගුණ අගුණ පැවසීමේදී අනෙක් ග‍්‍රහයන් හා සියලු කරුණු සලකා බැලිය යුතුය. ලග්න අනුව එලාපල කීමේදී සලකා බලා ඇත්තේ ලග්න ඒරාෂ්ටකය හා භාවය පමණී.සාමාන්‍යයෙන් ලග්න
ඒරාෂ්ටකය අඩු වැඩි වශයෙන් එකවර ලග්න තුනකට යෙදේ. එනම් ශනි සිටින රාශිය , ඊට පෙර රාශිය හා පසු රාශියයි. ලෝකයේ සෑම මිනිසෙකුම අයත් වන්නේ ලග්න 12 න් එකකට නිසා ලෝක ජන ගහනයෙන් හතරෙන් එකකට සෑමදාම ලග්න ඒරාෂ්ටකයක් පවතී. එසේ වුවද එක් අයෙකුට ලැබෙන ප‍්‍රතිඑලය තවත් අයෙකුට ලැබෙන ප‍්‍රතිඑලයට වඩා වෙනස් වේ. එසේ වන්නේ එක් එක් පුද්ගලයාගේ කේන්ද්‍ර වල ග‍්‍රහයන් ගේ පිහිටීම විවිධ බැවිනි.
සෙනසුරුගේ ගෝචර ගමන අසවල් ලග්නයට ශුභ හා අසවල් ලග්නයට අශුභ යයි පැවසුවද අනෙකුත් ග‍්‍රහයන්ගේ පිහිටීම අනුව ශුභ යයි සැලකෙන ලග්න හිමියෙකුට අශුභ එල උදාවිය හැකිය. එමෙන්ම අශුභ යයි සැලකෙන ලග්න හිමියෙකුට ශුභ එල උදාවිය හැකිය. මෙහිදී චන්ද්‍රයාගේ පිහිටීම අතිශය වැදගත් වේ.ගෝචර එලාපල කීමේදී ග‍්‍රහයා තැන්පත් භාවය මෙන්ම අනෙකුත් ග‍්‍රහ පිහිටීම් පිළිබඳ සැලකිලිමත් වීම අනිවාර්ය වේ.
එමනිසා පොදුවේ පවසන එලාපල පිළිබඳව නොව අදාල කේන්ද්‍රය පරීක්ෂා කර පවසන එලාපල පිළිබඳව සැලකිලිමත් වීම වඩා නුවණට හුරුය. මාධ්‍යය මගින් ජනතාව දැනුවත් කිරීමේදී පොදුවේ එලාපල පැවසීම සාමාන්‍යය ක‍්‍රමයයි. මන්ද එක් එක් පුද්ගලයාට වෙන වෙනම එලාපල පැවසීම ප‍්‍රායෝගික නොවන බැවිනි. එම නිසා එම පොදු කරුණු තරයේ සිතට ඇතුල් කර නොගෙන කටයුතු කළ යුතු වේ. සෙනසුරුගේ ගෝචර ගමන පිළිබඳව සමහරෙක්
පසු වූයේ දැඩි බියකිනි. අනෙකුත් ග‍්‍රහයන්ගේ මෙන්ම සෙනසුරුගේ රාශි මාරුව ද සාමාන්‍යය සිදුවීමකි.

මේ ආකාරයට ශනි ගේ ගෝචර ගමන සිදුවන අතර අනෙකුත් ග‍්‍රහයින් ගේ රාශි මාරුවීම් ද නිරන්තරයෙන් සිදුවේ. ශනිගේ ගමනේ වේගය ඉතා අඩු බැවිනුත්, ශනිගෙන් ලැබෙන ප‍්‍රතිඑල ගැන ජනයාගේ ඇති බිය නිසාත් අනෙකුත් ග‍්‍රහයන් නොසලකා ශනි පිළිබඳ වැඩි උනන්දුවක් ඇත.මෙම සෙනසුරු මාරුව හෝ හේතුවක් කරගෙන මිනිසුන් තමන් කරන වැරදි ක‍්‍රියා අඩු කරන්නේ නම් රට වශයෙන් සැලකූ විට සෙනසුරු මාරුව රටට යහපතක්
වන්නේය.

Leave a Comment: